Friday, September 28, 2012



Hard Disk එක කියන්නේ ඔයාලා පරිගණකයේ දත්ත ගබඩා කරන ප්‍රධාන තැන.ඉතින් මේ Hard Disk එකේ තියෙන  ඔයාලගේ පුද්ගලික රහසිගත තොරතුරු හංගන්න ඕනි උනාම ගොඩක් අය ‍විවිධ  සොෆ්ට්වෙයා දාගන්නවා.ඒකට විසදුමක් හැටියට අද මම කියලා දෙන්න යන්නේ Hard Disk එකේ එම දත්ත තියෙන partition එක සොෆ්ට්වෙයා භාවිතා නොකර හංගන හැටියි.

1.මුලින්ම Start-->Run ගිහින් diskpart කියලා type කරලා enter කරන්න.

2.දැන් එන window එකේ list volume ලෙස type කරන්න.

3.ඉන් පසු select volume කියලා type කර ඔබට හංගන්න ඕනි patition එකේ අකුර type කරන්න.
උදා:select volume D
4.දැන් පහතින් type කරන්න ඕනි තැන remove letter කියලා type කරලා patition අකුර  කරන්න.
උදා:remove letter D
දැන් ඔබේ patition එක hidden වී ඇත.
එය නැවත show කිරිමටනම් පහත පියවර අනුගමනය කරන්න.

1.control panel-->administrative tools-->computer management ගොස් ලැබෙන තිරයෙන් disk management වෙත ගොස් එහි අකුරක් නොමැතිව ඇති patition එක තෝරා right click  කරන්න.
2.ඉන් පස් එන මෙනුවෙන් change drive letter and path තෝරා ඔබට අවශ්‍ය අක්ෂරයක් එයට ලබා දෙන්න.