Saturday, October 13, 2012



ඔයාලා ඔක්කොම දන්නවනේ .NET Framework ගැන.අපි අද කියන්න යන්නේ .NET Framework 4 install  කරද්දී බහුතරයක් දෙනා  මුහුණ දෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි hresult 0xc8000222  දෝෂ පණිවුඩය..අපි .NET Framework 4 install  කරද්දී තමයි මේක එන්නේ.මේක නිවැරදි කරන හැටි තමයි දැන් කියන්න යන්නේ.ඒක මහරිම simple කේස් එකක්.කරන්න තියන්නේ .NET Framework 4 install  කරන්න කලින්
පහත තියෙන පියවර අනුගමනය කරන එක.

1.Command Prompt එක open කරන්න.
2.දැන් net stop WuAuServ කියලා type කරන්න.එතකොම Automatic Windows Update disable වෙනවා.
‍3.දැන් Start->Run  වලට යන්න.ඊට පස්සේ %windir% type කරන්න.එතකොම ඔයාගේ windows system floder එක open වෙයි.
4.ඒකේ තියෙන SoftwareDistribution ෆෝල්ඩර් එක හොයාගෙන ඒක SDold ලෙස rename කරන්න.
5.දැන් ආයේ .Command Prompt වලට ගිහින් net start WuAuServ කියලා type කරන්න.
6.හරි ඒ වැඩේත් ඉවරයි ..දැන් ඔයාලා ගිහිල්ලා ආයේ සැරයක් .NET Framework 4 install කරලා බලන්න.
ආ..යන්න කලින් අපිට comment එක්ක දාලම යන්න.